නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අල්ලන්න නවීන තාක්ෂණික යන්ත්‍ර
නීතිවිරෝධී මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීම වෙනුවෙන් නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ආනයනය කිරිමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව එම යන්ත්‍ර සකස් කිරිමේ විශේෂඥ භාවයක් සහිත ඇමෙරිකා එක්සත් ජනපදයෙන් හා ඊශ්‍රායෙලයෙන් එම යන්ත්‍ර මිලදි ගැනීම වෙනුවෙන් මේ වන විටත් මිල ගණන් කැඳවා ඇතැයි ජනපති මෛත්රීපලා සිරිසේන මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ මේ දක්වා මත්ද්‍රව්‍යයන් අත්අඩංගුවට ගන්නේ නිලධාරීන්ගේ ඇති බුද්ධිමය හැකියාව නිසා බවත් ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් බටහිර රටවල් මෙම නවීන තාක්ෂණික උපකරණ භාවිත කරන බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.

popular news
-
Champa Monday, 01 April 2019 04:43 PM
තවත් ගැහිල්ලක්. නැව් ගන්න ගියා ගුවන් යාන ගන්න ගියා හරි ගියේ නැහැ. දැන් කිසි වැඩකට නැතුව මේක. ආරක්ෂක අමාත්‍යංශයේම පර්යේෂණ අංශයෙන් නිකුත් කරපු අත්පොතක තියෙන විදිහට ප්‍රශ්නේ තියෙන්නේ බස්නාස්හිර පළාතේ. ඔක්කොම කුඩු ගේන්නේ, පැකට් කරන්නේ, බෙදා හරින්නේ පාවිච්චි කරන්නෙත් වැඩි කොටස (61%) බස්නාහිර පළාතේ, විශේෂයෙන් කොළොඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක. මම මේක CT එකටත් ලිව්වා. ලංකාවේ විශාලත්වය 65,610 sq.km. බස්නාහිර පළාතේ විශාලත්වය 3684 sq.km. මේ 3684 ටිකේ කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම අල්ල ගන්න බැරුව දඟලනවා. ඒකට බිලියන් 6.9ක් වියදම් කරන්න යනවා. අරහේ ඉස්කෝල වල උළු කඩා වැටෙනවා. දරුවෝ ඉගෙන ගන්නේ අව්වේ එළියේ. අධ්‍යාපන ඇමතීම කියනවා පොල් අතු හෙවිලි කරපු ඉස්කෝල තියෙනවලු. මේ බිලියන් 6.9 වියදම් කරන්න යන්නේ සමාජමාධ්‍ය සහ විරුද්ධවාදීන්ව මර්දනය කරන්න. ගෝඨාභය කරපු දේම වෙන ක්‍රමයට. මේවයින් පුලුවන් මාධ්‍ය තමන්ගේ තොරතුරු ගන්න තැන හොයා ගන්න. E-mail, chat ඔක්කොම intercept කරන්න. දැනටම සමහර මාධ්‍ය විවේචන යටගහනවා. මේවා ගෙනවහම මිනිස්සුන්ගේ නිදහස ඉවරයි. දැන් අනාගතේ මේකට ජනාධිපති කොමිසමක් දාල කරපු වංචාවට දඬුවම් දෙන්න ඕනේ.
Reply : 0 0
Champa Monday, 01 April 2019 04:54 PM
මත්ද්‍රවය අල්ලන්න කියල විශේෂ අමුතු තාක්ෂණ නැහැ. ඕකෙන් කරන්නේ communications intercept කරන එක. ඒක මත්ද්‍රවය ජාවරම්කාරයාගේ නෙමෙයි රටේ ඕනෑම පුරවැසියෙකුගේ තොරතුරු වෙන්න පුළුවන්. ජනාධිපතිවරණෙ ළඟ එනකොට අමුතු game ගහන්න යනව. මේ නවීන තාක්ෂනය වැරදි විදිහට යොදවන්නත් පුළුවන්. මිනිස්සුන්ට වැරදි තොරතුරු යවන්න පුළුවන් කාගේ හරි නමක් පාවිච්චි කරලා. උදා: විදිහට මහින්ද රාජපක්ෂ අන්තිම මොහොතේ තීරණය කළා එයාගේ අනුගාමිකයෝ මෛත්‍රිපාල සිරිසේනට චන්දෙ දිය යුතුයි කියලා වගේ. චන්දෙට ඔන්න මෙන්න පැය ගානකට ඉස්සෙල්ල මෙහෙම කලහම මිනිස්සු හිතන්න පුළුවන් ඇත්ත කියල. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ චන්ද නොදම්මන්න වැරදි තොරතුරු යවන්න පුළුවන් අන්තිම මොහොතේ. මේගොල්ලෝ බලය ගත්තේ ආපහු දෙන්න නෙමෙයි කියන එක හුඟ දෙනෙකුට තවම අවබෝධ වෙලා නැහැ. අනිත් එක මේ Cabinet Paper එකේ කියන්නේ නැහැ ගන්න කොම්පැනියේ නම. මේකන් කරන්න පුළුවන් මොනවාද? ඒවා ඔක්කොම හංගල.මේ යන්නේ හදන්නේ ගෝඨාභය යුගයට. Cabinet එකට ඔලුවක් තියෙනව නම් මාධ්‍ය වලට සහ මිනිස්සුන්ට දැන් තියෙන කතා කිරීමේ නිදහස නැති කරන්න ජනාධිපති මේ කරන්න හදන දේට අනුමැතිය නොදී ඉන්න ඕනේ. විපක්ෂය නිදි මේකට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

